Monday, May 6, 2024

General line - 0115112241

"සිසුවෙකුට දඬුවම් කිරිමේ සිද්ධියකට ගුරුවරියක් වරදකරු කරමින් සිරගත කිරීම වැරදි පූර්වාදර්ශයක්"

දිල්ශාන් තුෂාර




සිසුවෙකුට දඬුවම් කිරිමේ සිද්ධියකට ගුරුවරියක් වරදකරු කරමින් සිරගත කිරීම වැරදි පූර්වාදර්ශයක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

මෙම නඩු තීන්දුව හේතුවෙන් ඉදිරියේදී ගුරුවරුන්, සිසුන්ගෙන් ප‍්‍රශ්ණ ඇසීමක් පවා සිදු නොකරනු ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.   

එහිදී "හරිනම් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම නඩු තීන්දුව ගෙන්වගෙන..අධ්‍යනය කරලා..මේ රටේ සමස්ත ගුරු පරපුරම දැනුවත් කරන්න ඕනේ..මේ නඩු තීන්දුව යවන්න ඕනේ කියවන්න.." යනුවෙන්ද ජනාධිපතිවරයා සඳහන් කළා.

සිසුවෙකුට දඬුවම් කිරීම හේතුවෙන් මෙලෙස බරපතල වැඩ සහිතව වසර දෙකක සිරදඬුවමක් නියම වූයේ කුරුණෑගල නගරයේ පාසලක 55 හැවිරිදි ගුරුවරියකටයි. මෙම සිද්ධිය 2011 වසරේදි සිදුවූ අතර මෙම සිසුවාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද කුරුණෑගල මහාධිකරණය විසින් ගුරුවරියට නියෝග කර තිබුණා.