18 හැවිරිදි කෙටිදුර ධාවන ක්‍රීඩිකාවක් වන චෙල්සියා මෙලනි තහනම් උත්තේජක ලබාගත් බවට ඇයගේ A මූත්‍රා සාම්පලයෙන් තහවුරු වී ඇති බව ශ්‍රි ලංකා තහනම් උත්තේජක නිවාරණ නියෝජ්‍යායතනය පවසනවා. පසුගිය වසරේ පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේදී තහනම් උත්තේජක පරීක්ශනය සඳහා ඇයගෙන් මෙම මුත්‍රා සාම්පලය ලබාගෙන තිබෙනවා. පසුගිය මාස දෙකක කාලය තුල තහනම් උත්තේජක ලබා ගැනීමේ වරදට හසුවූ මලල ක්‍රීඩාවට සම්බන්ධ දෙවැන්නා ඇයයි.මීට පෙර කෙටිදුර ධාවක කාලිංග කුමාරගේ තහනම් උත්තේජක ලබාගත් බවට වැරදිකරු බවට පත්වුණා.
කාලිංග කුමාරගේ නිශාන්ත විජේමාන්න නමැති පෝෂණවේදීයාගෙන් සේවය ලබාගෙන ඇති බවටයි දැනට අනාවරණ වී ඇත්තේ. මලල ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් කෙටිකාල පරාසයක් තුල තහනම් උත්තේජක ලබා ගැනීමේ චෝදනාවට ලක්වීම සංවිධානාත්මක වැඩපිලිවෙලක කොටසක්ද යන සැකය මතුව තිබෙනවා.