Wednesday, May 8, 2024

General line - 0115112241

හෙරොයින් තොගයක් මොරටුවෙන් හසුවෙයි

හේමන්ත කහවලගේ




රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් තවත් හෙරොයින් තොගයක් මොරටුව රාවතාවත්ත ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ මෙහෙයුමකදීයි. එහිදී සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ‘‘රත්මලානේ රොහා’’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග‍්‍රෑම් එකක් සොයා ගැණුනා. වැඩිදුර විමර්ශන සඳහා ඔහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාරදී තිබෙනවා. 

මේ අතර රුපියල් කෝටි 110කට අධික හෙරොයින් තොගයක් සමග වැල්ලවත්ත සහ පිළියන්දල යන ප‍්‍රදේශවල දී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග‍්‍රෑම් 110ක් සොයා ගැණුනා.