Wednesday, May 8, 2024

General line - 0115112241

දැන් වැඩ ඇරඹුවොත් පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි කාලය මහින්ද දේශප‍්‍රිය කියයි




දැන් සිට වැඩ කටයුතු ආරම්භ කරන්නේ නම් මැයි මස 31 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය අවධාරණය කරනවා.

එසේ නොවුණහොත් ජූනි මස මැද භාගයේදී මැතිවරණය පැවැත්විය හැකි බවයි ඔහු කියා සිටියේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මෙම අදහස් පළ කළේ ඊයේ (05) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්. 

මෙම වැඩසටහනට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද එක්වුණා. එහිදී ඔහු පැවසුවේ මැතිවරණයක් නිසි පරිදි ලබා නොදෙන්නේ නම් එහි අහිතකර ප‍්‍රතිඵල රටට භුක්ති විඳීමට සිදුවිය හැකි බවයි. 

මේ අතර නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට අද (06) සහභාගී වන්නේ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ්. එම වැඩසටහන රාත‍්‍රී 07.30 සිට ප‍්‍රචාරය කෙරෙනවා.

(ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන මෙතැනින් ශ‍්‍රවණය කළ හැකියි.)