Friday, September 20, 2024

General line - 0115112241

ජන ගඟ අස්සේ මහින්ද පැටලේ – තීන්ත කඩයකට දමා බේරා ගනී



ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරන ලද පාද යාත්‍රාවේ දෙවන දිනය අද (29)යි.

ඊයේ දිනයේදී ඒ සඳහා සහභාගි වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාව මහජනතාව හමුවේ ආරක්ෂා කර ගැනීමට අපහසුවූ පුවතක් වාර්තා වනවා.

හිටපු ජනාධිපතිවරයා මුලින්ම එක්ව ඇත්තේ පෙළපාලියේ මැද කොටසටයි.

එහිදී පාගමනේ මුල් කොටසේ සිටි පිරිස පසුබසින්නට වී ඇති නිසා ඔහු ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අවස්ථාවේ මහින්ද රාජපක්‌ෂ මහතාව දුටු ජනතාව ඔහුගේ අත් ඇල්ලීමටත් සිප වැළඳ ගැනීමටත් පටන් ගෙන ඇති අතර එය ඔහුගේ ආරක්ෂකයන්ට හෝ වළක්වා ගනු නොහැකිවී ඇති බවයි පැවසෙන්නේ.

පසුව මධු මාධව අරවින්ද ඇතුළු පිරිසක් ඔහුව ළඟ තිබූ තීන්ත වෙළඳ සැලකට ගෙනගිය බවයි වාර්තා වන්නේ.

”mmmmmmmm” ”13680891_1235016859841641_7218947786305437969_n”