Saturday, May 11, 2024

General line - 0115112241

මහින්දානන්දට එරෙහි නඩුවක් ජුනි 13 ට කල් යයි




හිටපු කී‍්‍රඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන් වැඩිදුර සාක්‍ෂි විමසීම ජුනි මස 13 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියම කළා.

ඒ, ඔහු අයථා ලෙස උපයාගත් මුදල්වලින් කොළඹ 07, කිංසි පාරේ නිවසක් රුපියල් මිලියන 27 කට මිලදී ගෙන ඇති බවට වන අධි චෝදනා සම්බන්ධයෙන් වන නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.

එහිදී පැමිණිලි පාර්ශවයේ සාක්‍ෂිකරුවෙකු ලෙසට වාණිජ බැංකුවක නිලධාරියෙකු මූලික සාක්‍ෂි ලබාදුන් අතර ඔහුගේ හරස් ප‍්‍රශ්න විමසීම ජුනි මස 13 වනදාට කල් තැබුණු බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.