Friday, May 10, 2024

General line - 0115112241

රට පුරා උෂ්ණත්වය තවත් වැඩිවෙන ලකුණු

ලහිරු කපුගේ




රටපුරා බොහෝ ප‍්‍රදේශවල මේ දිනවල වැඩි උෂ්ණත්වයක් පවතිනවා. ඒ පිළිබද කළ විමසීමකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ඉදිරි මාසයේදී පරිසර උෂ්ණත්වය තවත් වැඩි විය හැකි බවයි. 

මේ ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ අනූෂා වර්ණසූරිය,

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අනාවැකියට අනුව කොළඹ අද අපේක්‍ෂිත උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 ක්. අනුරාධපුරය සෙල්සියස් අංශක 31 ක උපරිම උෂ්ණත්වයක් අපේක්‍ෂා කෙරෙනවා. ගාල්ල, ති‍්‍රකුණාමලය, මන්නාරම සහ යාපනය යන නගරවලට සෙල්සියස් අංශක 30 ක උපරිම උෂ්ණත්වයක් අපේක්‍ෂිතයි.