Friday, May 10, 2024

General line - 0115112241

කොටහේනේදි වෙඩි ප්‍රහාරයට ලක් වූ කුඩු චූටි ගැන තවත් තොරතුරු හෙළිවේ

හේමන්ත කහවලගේ




කොටහේන, මැල්ලවත්ත ප‍්‍රදේශයේ ඊයේ රාතී‍්‍ර සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ආශා ෆාරි නොහොත් කුඩු චූටි නමැත්තිය පාතාල කි‍්‍රයාකාරිකයෙකු වූ සජ්ජා නමැත්තාගේ බිරිද බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා. 

සජ්ජා, 2009 වසරේදී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී සිදුවූ වෙඩි තැබීමකින් මියගිය අයෙකි. කුඩු චූටි නොහොත් ආශා ෆාරි තවත් පාතාල කි‍්‍රයාකාරිකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිද බවටද මීට පෙර වාර්තා වුණා. 

තුවාල ලැබූ මෙම කාන්තාව තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන බව පොලීසිය පවසනවා. ඊයේ (14) රාති‍්‍ර සිදුවූ වෙඩි තැබීම රිස්වාන් නමැත්තෙකු විසින් මෙහෙයවා ඇතැයිද සැක කෙරෙනවා. සී සී ටී වී දර්ශනද යොදා ගනිමින් ඒ පිළිබද වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.