Saturday, May 11, 2024

General line - 0115112241

සීගිරිය විවෘත කරනා වේලාවන් වෙනස් කෙරේ




දෙස් විදෙස් සංචාරකයන් සදහා සීගිරිය විවෘතව තැබෙන කාලය අද සිට වෙනස් කෙරුණා. 

මීට පෙර සීගිරිය නැරඹීම සදහා සංචාරකයන්ට අවස්ථාව ලැබුණේ උදෑසන 7 සිට පස්වරු 5 දක්වායි. එහෙත් අද සිට උදෑසන 6 යි 30 ට සීගිරිය විවෘත කෙරෙනවා. 

අද එලෙස විවෘත කිරීමෙන් පසු පළමු පැය භාගයේදී පමණක් සංචාරකයන් 150 කට වැඩි පිරිසක් සීගිරියට ඇතුළු වූ බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල පවසන්නේ. එම සංචාරකයන්ගෙන් වැඩි දෙනෙකු විදේශිකයන් වනවා. 

ඉදිරියේදී සීගිරිය විවෘත කෙරෙන කාලය අලූයම 5 දක්වා තවදුරටත් ඉදිරියට රැගෙන ඒමට අපේක්‍ෂා කරනවා. තදබදයකින් තොරව සීගිරිය නැරඹීමට සංචාරකයන්ට අවස්ථාව ලබාදීම මෙහි අපේක්‍ෂාව වනවා.