Thursday, May 16, 2024

General line - 0115112241

ෆේස්බුක් හරහා පොලිසියට අපහාස කළ අයෙක් අත්අඩංගුවට

ලලිත් චාමින්ද




මුහුණු පොත හරහා පිටිගල පොලීසියට අපාහස කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් භාවිත කරමින් අසභ්‍ය වචන යොදා පොලීසියට අපහාස කර ඇති බවයි විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 20 හැවිරිදි වැයිහේන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු මාර්ගයේ ගමන් කරමින් සිටි සැකකාරු තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔහුව නිදහස් කර තිබුණා.

එම සිද්ධියෙන් පසුව අදාළ සැකකාර තරුණයා විසින් මුහුණුපොත හරහා පොලීසියට අපහාස කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනුණා.