Friday, September 20, 2024

General line - 0115112241

6කින් පළමු 100 ගැසූ ‘ලොක්කා‘ – 6කින් පළමු 100 ගැසූ ‘පොඩ්ඩා‘ ගැන කතා කරයි



මේ වන විට කුසල් මෙන්ඩිස් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් ශතකය පිළිබඳව බොහෝ දෙනා කතා බහ කරනවා.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙකු වන අරවින්ද ද සිල්වා මහතාද කුසල්ගේ ශතකය පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

‘‘ඔහුගේ සන්සුන් ආක්‍ර‍මණකාරි පිතිකරණ ස්භාවය ඔහු කුමන ආකාරයේ පුද්ගලයෙක් ද යන්න පෙන්වනවා.ක්‍රිකට් වල ලොකු දෙයක් කරන්න ඔහු සියලුම සුදුසුකම් සපුරා තිබෙනවා.ඔහුගේ පිතිකරණ රටාව බොහෝ දුරට මහේල ජයවර්ධන වගෙයි.ඔහු දිගටම මහේල පවත්වාගෙන ප්‍ර‍මිතිය පවත්වාගෙන ගියහොත් මහේල ක්‍රිකට් ඔස්සේ ලබාගත් තත්වය ඔහුටත් ලබාගත හැකියි.මම කුසල් මෙන්ඩිස් 19 පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන ආකාරය දැක තිබෙනවා.ඔහුට විශාල හැකියාවක් තිබෙන බව මා දුටුවා.ඔහු ඉක්මනින්ම ජාතික කණ්ඩායමට පැමිණ දැන් හොඳින් ක්‍රීඩා කරනවා.‘‘

අරවින්ද ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවා.

කුසල් මෙන්ඩිස් සිය ශතකය ලබාගත්තේ 6 පහරකින්.

එම දස්කම කළ පළමුවැන්නා වූයේ අරවින්දද සිල්වා මහතා වන අතර පකිස්ථානයට එරෙහිව සිය පස්වන ටෙස්ට් තරඟයේදී ඔහුද මංගල ශතකය ලබාගත්තේ ඉම්රාන් ඛාන් එවූ පන්දුවකට 6 පහරක් ලබාගනිමින්.