Monday, April 29, 2024

General line - 0115112241

බීඩි කන්ටේනරයේ වංචාවට රේගුවේ දෙදෙනෙක් අනිවාර්ය නිවාඩු යවයි : පාඩුව කෝටි 4ක්

දිනුක් හේවාවිතාරණ




රුපියල් කෝටි 04ක රේගු බදු වංචා කරමින් ටොන් 12ක බීඞී කොළ කන්ටේනරයක් මෙරටට ගෙන්වීමේ සිද්ධියට සම්බන්ධ බවට තොරතුරු හෙළිවීම නිසා සහකාර රේගු අධිකාරීවරයකු සහ රේගු පරීක්‍ෂවරයකු මීට සති 03කට පෙර අනිවාර්ය නිවාඩු යැවු බව රේගු නිලධාරීන් කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍රම මහත්මියට අද (18) දැනුම් දී තිබෙනවා.

ඉතාලියට යැවීම සඳහා බංග්ලාදේශයෙන් මෙරටට කාන්තා නිමි ඇදුම් ගෙන්නවන බව සඳහන් කරමින් එවු කන්ටේනරයක රුපියල් කෝටි 04ක රේගු බදු වංචා කරමින් බීඩි කොළ තොගයක් මෙරටට ආනයනය කරන ලදැයි කියන සිද්ධියට රේගු නිලධාරීන්ද සම්බන්ධ බවට ලැබුණු තොරතුරකට අනුව රේගු මධ්‍යම විමර්ශන ඒකකය පැවැත්වූ පරීක්ෂණයකින් අනතුරුව රේගු පාලනාධිකාරිය මෙම තීරණය ගත් බවද රේගු නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී සිටියා.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මේ පිළිබඳ වූ  තොරතුරු රේගු නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලදී.

ඉතාලියට යැවීම සඳහා බංග්ලාදේශයෙන් මෙරටට කාන්තා නිමි ඇදුම් ගෙන්නවන බව සඳහන් කරමින් එවු කන්ටේනරයක රුපියල් කෝටි 04ක රේගු බදු වංචා කරමින් බීඩි කොළ තොගයක් මෙරටට ආනයනය කරන ලදැයි ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්‍ෂණයකදී රේගුවට ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කරමින් මෙම වංචනික අන්දමින් මෙම කන්ටේනරය ගෙන්වා ඇති බවට කරුණු හෙළිවීම නිසා පසුගිය දෙසැම්බර් මස 03 වැනිදා වත්තලදී එම කන්ටේනරය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිද්ධියට අදාළ විමර්ශනයේදී සිද්ධියට රේගු නිලධාරීන්ද සම්බන්ධ බවට ලැබුණු තොරතුරකට අනුව රේගු මධ්‍යම විමර්ශන ඒකකය පැවැත්වූ පරීක්ෂණයකදී් සිද්ධියට සහකාර රේගු අධිකාරීවරයකු සහ රේගු පරීක්‍ෂවරයකු සම්බන්ධ බවට තොරතුරු හෙළිවීම නිසා මීට සති 03කට පෙර ඔවුන් අනිවාර්ය නිවාඩු ගැන්වු බව රේගු නිලධාරීන් අධිකරණයට දැනුම් දී සිටියා.