Friday, May 17, 2024

General line - 0115112241

ක‍්‍රිකට් නිලවරණයට දිනකට පෙර අධිකරණයෙන් විශේෂ නියෝගයක්




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හෙට පැවැත්වෙන නිලවරණයට තරග වැදීමට මොහාන් ද සිල්වාට සහ රවීන් වික‍්‍රමරත්නට අවස්ථාව හිමි වී තිබෙනවා.

ඔවුන් නිලවරණයට තරග කිරීමට සුදුසුකම් ලබන බවට ක‍්‍රීඩා අමාත්‍යවරයා දැනුම් දී ඇති බවයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (20) දැනුම් දුන්නේ.

ඒ අනුව මොහාන් ද සිල්වා, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් ධූරයට සහ රවින් වික‍්‍රමරත්න, උප සභාපති සහ උප ලේකම් ධූරයන්ට තරග වදිනු ඇති.  

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයට තරග වැදීමට ඉදිරිපත් කළ නාමයෝජනා ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඔවුන් ඉදිරිපත් කළ රිට් පෙත්සම් අද අභියාචනාධිකරණයේදී කැදවනු ලැබුවා.

ඒ අවස්ථාවේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් සමථයක් ඇති බව අදාළ පාර්ශවයන් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව ඊට අදාළ එකගතාව සම්බන්ධයෙන් වන නියෝගය අද දිනම ක‍්‍රිකට් නිලවරණ කමිටුව වෙත යොමු කිරීමට ද අභියාචනාධිකරණය නියෝග කළා. 

මෙම පෙත්සම් මාර්තු මස 21 දා සලකා බැලීමට නියමිතයි. මීට අමතරව ජයන්ත ධර්මදාස, ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සදහා තරග කිරීම අභියෝගයට ලක්කරමින් ශම්මි පෙරේරා ගොනු කළ රිට් පෙත්සම ද මීලඟ දින සලකා බලනු ඇති.