Thursday, May 2, 2024

General line - 0115112241

මාකදුරේ මධූෂ් ඩුබායි අධිකරණයේ - තීන්දුව තවම නැහැ

හේමන්ත කහවලගේ/ඩිල්ෂාන් මඩවල




ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මධූෂ් ඇතුළු 31 දෙනා මේ වනවිට එරට අධිකරණයක් වෙත ඉදිරිපත් කර සිටිනවා.

ගායන ශිල්පී අමල් පෙරේරා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන්රෝවන්ද ඒ අතර සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් අධිකරණයේ කිසිදු තීන්දුවක් මේ දක්වා ප‍්‍රකාශ වී නැහැ.

මෙම පිරිස මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ ඩුබායි නීතියේ 5, 6, 7  සහ 8 යන වගන්ති යටතේයි. 2019 / 55 යි 53 අංකය යටතේ නඩුව ගොණුකර තිබෙනවා.