Thursday, May 2, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම විශ්ව විද්‍යාල වලටත්

ඩිල්ෂාන් මඩවල




විශ්ව විද්‍යාල සිසුන් ඉලක්ක කර ගත් නව මත්ද්‍රව්‍ය ප‍්‍රවර්ධන උපක‍්‍රමයක්  පිළිබද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද අනාවරණ කළා.

පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින්ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විවිධ නව ප‍්‍රවර්ධන උපක‍්‍රම යොදා ගනිමින් සිටින බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම වෙනුවෙන් අද පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මෙම කරුණු දැක්වුවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මෙම උපක‍්‍රම පරාජය කරමින් මත්ද්‍රව්‍ය මර්දනය සදහා ලබන මාර්තු 15 වනදා සිට සුජාත දරුවෝ නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියා.