Thursday, May 2, 2024

General line - 0115112241

අයවැය ජය ගැනීම අභියෝගයක් - එජාප පසුපෙළින් ප‍්‍රකාශකයක්

කසුන් කැලූම් / ලහිරු කපුගේ




2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනාව මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හෙට (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණ රජය මෙවර අයවැය නම් කර ඇත්තේ ව්‍යවසායකත්ව ශ‍්‍රී ලංකාව, ජනතාවට ශක්තිය හා දුප්පතුන්ට රැකවරණය දෙන අයවැයක් ලෙසයි. 

පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කෙරෙන අයවැය සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මෙලෙස අදහස් පළ කළා. 

ජනතාවට බරක් අඩු කරලා සෙතක් සලකන අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. සිදුවූ අඩුපාඩු හදාගෙන ජනතාවට සෙතක් සලසන අයවැයක් ලෙස මෙය දකින්න පුළුවන්. ඒ වගේම ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ යැයි ඇමතිවරයා මෙහිදී කියා සිටියා.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවනවාද යන්න කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීරගෙන් මාධ්‍යවේදීන් අද කොළඹදී ප‍්‍රශ්ණ කළා. 

මුදල් ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරයි. අපි දැක්කා අද පත්තරවල තියනවා රජයේ සේවකයින්ට රු. 3000 කින් පමණ වැටුප් වැඩිකරන්න යනවා කියලා. මේ වසරේ දී විදෙස් ණය වාරික ගෙවීමට තිබෙන වසරක් වගේම මැතිවරණ වසරක්. එවැනි වියදම් අධික වසරක් වෙලා තියෙද්දී වැටුප් වැඩි කරනවානම් ඒ ගැන සතුටු වෙන්න ඕනේ. පසුගීය වසර හතරේ අපි දැඩි මුල්‍ය විනයක් සහිතව කටයුතු කළේ, කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර කියා සිටියා.

මෙවර අයවැය යෝජනා සම්ම්ත කර ගැනීම වත්මන් රජයට අභියෝගයක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් එම් මරික්කාර් පැවසුවේ.