Wednesday, May 8, 2024

General line - 0115112241

නාලක සිල්වාගේ ඇප ඉල්ලීම ඉවතට

අධිකරණ වාර්තාකරු




ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ඇප ඉල්ලා ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අද (08) කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරුණු ලැබුවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් එම නියෝගය ප්‍රතිශෝධනය කොට ඔහුට ඇප ප්‍රධානය කරන ලෙසට ඔහුගේ නීතිඥවරයා මහාධිකරණය ඉල්ලා සිටියා.

සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය නීතියට අනුකූල බව නිගමනය කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට නියෝග කළා.