Friday, September 20, 2024

General line - 0115112241

සඳකැන්ගේ සුපිරි පන්දුවෙන් කැන්ගරුවෝ හොල්මන් වෙති – ‘වෝන්‘ටත් සමාන කරති (VIDEO)



ශ්‍රීලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට පල්ලෙකැලේ ක්‍රීඩංගනයේදී පැවැත්වෙනවා.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරඟය ජයග්‍ර‍ණය කිරිම සඳහා ලකුණු 268 ඉලක්කයක් හඹා යනවා.

කෙසේ වෙතත් දෙවන ඉනිමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජෝ බර්න්ස් දවා ගැනීමට ලක්ෂාන් සඳකැන් යැවූ පන්දුව පිළිබඳව ඔස්ට්‍රේලියානු මාධ්‍ය විශේෂයෙන් සඳහන් කර තිබුණා.

ඔවුන් එහිදී පවසා තිබුණේ ෂේන් වෝන් පවා මෙම පන්දුව දුටුවා නම් සතුටුවන බවයි.

සඳකැන් ලබාගන්නා එම කඩුල්ලේ වීඩියෝව පහතින් නරඹන්න.