Thursday, May 2, 2024

General line - 0115112241

අක්ෂි කාච ලක්ෂයක් නොමිලේ




රජයේ රෝහල්වල නොමිලේ අක්ෂි සැත්කම් සිදු කිරීම සඳහා අවශ්‍ය අක්ෂි කාච ලක්ෂයක් ලබා දීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

මේවනවිටත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අක්ෂි කාච 90,000ක් ගෙන්වීමටයි සැලසුම් කර ඇත. මේ වසරේදී ද තවත් අක්ෂි කාච 40,000ක් ගෙන්වීමට නියමිතයි. 

වාර්ෂිකව ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වැය කරන මුදල රුපියල් බිලියන 1. 4ක්.  සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව ශ‍්‍රී ලාංකිකයින් ලක්ෂ 12ක් පමණ අන්ධභාවයට පත් වෙමින් තිබෙන බවයි අනාවරණය වී තිබේ..