Thursday, May 2, 2024

General line - 0115112241

මාවනැල්ලේදි වෙඩි ප්‍රහාරයකට ලක්වු පුද්ගලයා ප්‍රබල සිද්ධියක් ගැන ඔත්තු දුන් අයෙක්

දිනුක් හේවාවිතාරණ / ඉරේෂාන් සිරිවර්ධන




ඊයේ (09) අළුයම් කාලයේදි මාවනැල්ල ධනාගම ප්‍රදේශයේදි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටින පුද්ගලයා සම්බන්ධයෙන් වැදගත් තොරතුරු කිහිපයක් මේ වන විට අනාවරණය වි තිබෙනවා.

මෙලෙස වෙඩි වැදිමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ අමාත්‍ය කබීර් හෂිම්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් වන මොහොමඩ් රසාක් තස්ලීම් යන අයයී.

මීට මාස කිහිපයකට පෙර අන්තවාදි සංවිධානයක පිරිසක් විසින් මාවනැල්ල ප්‍රදේශයේදි බුදු පිළිම විනාශ කිරිමේ සිදුවිමට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයන්ට වෙඩි වැදි සිටින මොහොමඩ් රසාක් තස්ලීම් සහය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ පිළිබඳ අමාත්‍ය කබීර් හෂිම්ගෙන් කළ විමසීමකදී ඔහු තහවුරු කළා.

තස්ලිම් ගෙන් ලද තොරතුරු මත මාවනැල්ලේ බුදු පිළිම විනාශ කළ පුද්ගලයින් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ නිළධාරින්ට හැකිවි තිබෙන අතර පසුව එම අපරාධය සිදුකළ පිරිස අත් අඩංගුවට ගැනිමට හැකිවි තිබෙනවා.

මේ අතර වෙඩි තැබිමෙන් බරපතළ තුවාල ලැබු මොහොමඩ් රසාක් තස්ලිම් මහ නුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය කබීර් හෂිම් ගෙන් විමසු අවස්ථාවේදි ඔහු කියා සිටියේ සිද්ධිය සැලවු විගස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ට දුරකථනයෙන් අමතා සිදුවිම සම්බන්ධයෙන් සොයා බැලු බවයි.

මෙම සිදුවිම සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි.