Thursday, May 2, 2024

General line - 0115112241

ටී 56ට සමාන දේශීය අවියක් සෑදු පුද්ගලයෙක් අත්අඩංගුවට




ටී 56 ගිනිඅවියට සමාන ලෙස සකස් කළ ටී 56 වර්ගයේ පතරොම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග පුද්ගලයෙකු මහියංගනය අලූත්කැටියාව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සජීවී පතරොම් 24ක් ද සමගයි. මහියංගනය පොලීසියට ලද තොරතුරක් මත වැටලීම සිදු කෙරුණා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 28හැවිරිදි මහියංගනය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.