Wednesday, May 8, 2024

General line - 0115112241

විදෙස් විනිසුරුවරුන් ඕනෑ..සුමන්තිරන් පාර්ලිමෙන්තුවේදී කියයි

සමන්ත කුමාර




ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලබා දුන් පොරොන්දු ඉටු කළ යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන් පවසනවා.

අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

අද්මිරාල් වසන්ත කරන්නාගොඩට ද චෝදනා එල්ල වී ඇති තරුණයින් 11දෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද සුමන්තිරන් මන්තී‍්‍රවරයා මෙහිදී අදහස් පළ කළා.  

එහිදී ඔහු කියා සිටියේ එම සිද්ධිය දෙස බැලීමේදී යුද සමයේ සිදුවූ සිද්ධීන් පිළිබඳ මෙරට අධිකරණ පද්ධතියෙන් සාධාරණයක් අපේක්ෂා කළ නොහැකි බවයි. 

ඒ වෙනුවෙන් විදෙස් විනිසුරුවරුන් මැදිහත් විය යුතු බවද, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන් කියා සිටියා. 

ඉන් අනතුරුව විවාදයට එක්වූ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, ආණ්ඩුවේ සම අනුග‍්‍රාහකත්වයෙන් මානව හිමිකම් කවුන්සිලය වෙත නව යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බව කියා සිටියා. 
 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද සමරසිංහ විවාදයට එක්වෙමින් කියා සිටියේ අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා ඊයේ සාකච්ඡාවක් කැඳවා තිබූ බවයි. 

අමාත්‍ය තිලක් මාරපන, සරත් අමුණුගම සහ සුසිල් පේ‍්‍රමජයන්ත් යන මන්තී‍්‍රවරුන් මෙන්ම උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් සහ තමන් ඊට සහභාගී වූ බවයි ඔහු පැවසුවේ.

එහිදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද සමරසිංහ අතර මෙවන් සංවාදයක් ඇතිවුණා.