Monday, April 29, 2024

General line - 0115112241

නෙත් නිවුස් හෙළිදරව්වට බලධාරීන්ගෙන් ප්‍රතිචාර

හේමන්ත කහවලගේ/ ලහිරු කපුගේ




මොරටුව ලූනාව කලපුව ආශි‍්‍රතව ඉදිකර ඇති ශරීර සුවතා මංතීරුව නිසි ලෙස නඩත්තු නොවන බවට නෙත් නිවුස් කළ අනාවරණයට බලධාරීන් ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. 

නෙත් නිවුස් ඊයේ අනාවරණ කළේ ලූනාව කලපුවෙන් හමන අධික දුර්ගන්ධය හේතුවෙන් ශරීරසුවතා මංතීරුව භාවිත කරන පුද්ගලයින් ශ්වස අපහසුතාවලටද ලක්වන බවයි. මෙම ශරීරසුවතා මංතීරුවට සුනඛයින් ඇතුල් කිරීම තහනම් බව දැක්වෙන පුවරු සවිකර තිබුණද එය නොතකා ඇතැම් පිරිස් සුනඛයින්ද රැුගෙන එන බවයි එහිදී හෙළි කෙරුණේ. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දුගෙන් විමසීමක් කළා.

 

ලූනාව කලපුව ආශි‍්‍රත ශරීරසුවතා මංතීරුවේ පරිසර නීතිය උල්ලංඝණය වන ආකාරයෙන් සිදුවන කටයුතු පිළිබඳ නෙත් නිවුස් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විමසීමක් කළා.