Thursday, April 25, 2024

General line - 0115112241

එස්.එල්.ටී ස්පීඩ්අප් පාපැදි සවාරිය සාර්ථකව අවසන් (UPDATE)




කොළඹින් ආරම්භ වූ එස්.එල්.ටී ස්පීඩ්අප් පාපැදි සවාරිය මඩකලපුවෙන් අද (31) අවසන් වුණා.

පොළොන්නරුවේ සිට මඩකලපුව දක්වා ගමන් ගත් අදියරේ ජයග‍්‍රහණය හිමිවූයේ යුද හමුදාවේ ගයාන් රංජිතටයි.

දෙවන ස්ථානය ගුවන් හමුදාවේ මධුසංඛ පෙරේරාට හිමි වුණා.

තුන්වන ස්ථානය හිමි වූයේ ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහටයි.

……………………………………………………………

‘SLT ස්පීඞ්අප්’ අවසන් දිනය අද 

Jul 31, 2016 @ 07:22

SLT ස්පීඞ්අප් පාපැදි සවාරියේ අද (31) අවසන් දිනය යි.  අද පෙරවරුවේ මෙම පාපැදි සවාරිය අනුරාධපුරයේ සිට හබරණ හරහා පොළොන්නරුව දක්වා ගමන් කිරීමට නියමිතයි.

පස්වරුව් මෙම පාපැදි සවාරිය වැලිකන්ද, වාලච්චේන හරහා මඩකලපුව දක්වා ගමන් කරනවා. SLT ස්පීඞ්අප් පාපැදි සවාරියේ සමාප්තිය සිදුවන්නේද මඩකලපුවෙන්.


පාපැදි සවාරියේ සිව්වන අදියර අද

(Jul 30, 2016 @ 07:20)

එස්.එල්.ටී ස්පීඩ්අප් පාපැදි සවාරියේ 4වන අදියර අද (30) පැවැත්වෙනවා.

ඒ, මහනුවර සිට අනුරාධපුරය දක්වායි.

පිරිමි අංශයේ තුන්වන අදියර ඊයේ නිමාවට පත්වුයේ මහනුවරින්.

එහි ජය හිමිකර ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විරුන් රමේෂ්.

දෙවන ස්ථානය දිනාගත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේම කාශ්‍යප සිරිවර්ධනයි.

තුන්වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජනක හේමන්ත සමත් වුණා.


එස්.එල්.ටී ස්පීඩ්අප් පිරිමි තුන්වන අදියරේ ජය වරාය අධිකාරියට

Jul 29, 2016 @ 20:44

එස්.එල්.ටී ස්පීඩ්අප් පාපැදි සවාරියේ පිරිමි අංශයේ තුන්වන අදියරේ ජය හිමිකර ගැනීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ විරුන් රමේෂ් අද (29) සමත් වුණා.

දෙවන ස්ථානය දිනාගත්තේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේම කාශ්‍යප සිරිවර්ධනයි.

තුන්වන ස්ථානය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ජනක හේමන්ත සමත් වුණා.