Monday, April 29, 2024

General line - 0115112241

බීමතින් රාජකාරී කළ බන්ධනාගාර නිලධාරීන් තුන් දෙනෙකු අත්අඩංගුවට

එම් එම් පී ජි පෙරේරා




පොලොන්නරුව බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා රැදවියන් අට දෙනෙකු රැගෙන යමින් සිටි බන්ධනාගාර බස් රථයේ බිමත්ව සිටි ජේලර්වරයෙකු ඇතුළු නිලධාරින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලොන්නරුව බන්ධනාගාරයේ සේවයේ නිරත ජේලර්වරයෙක්, සැරයන්වරයෙක් හා උප නියාමකවරයෙක්.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් බස් රථයකින් මරණ දණ්ඩනයට නියම වූ රැදවියෙකු ඇතුළු රැදවියන් 08 දෙනෙකු පොලොන්නරුව බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට ඔවුන් රැගෙන එමින් සිටියා.