Monday, April 29, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංගම සේවකයෝ උත්සව අත්තිකාරම් ඉල්ලා ජනපතිට ලියති




මෙවර සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ශ‍්‍රී ලංගම සේවකයින්ට රුපියල් 10,000 උත්සව අත්තිකාරමක් ලබාදෙන්නයි සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

ඉකුත් වසරේදී සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ශ‍්‍රී ලංගම සේවකයින්ට ලැබුණේ රුපියල් 5,000 උත්සව අත්තිකාරමක් පමණක් බවයි ඔවුන් පවසන්නේ. එහෙත් ප‍්‍රවාහන අමාත්‍යංශය යටතේම පාලනය වන දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්ට රුපියල් 10,000 උත්සව අත්තිකාරමක් ලබා දී ඇතැයිද ඔවුන් ජනාධිපතිවරයාට යැවු ලිපියේ දැක්වෙනවා.

ඒ අනුව මෙවරත් ශ‍්‍රී ලංගම සේවකයින් අසාධාරණයට ලක් නොකර ඔවුන්ට රුපියල් 10,000 උත්සව අත්තිකාරමක් ලබාදෙන ලෙසයි සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් වැඩි දුරටත් ඉල්ලා ඇත්තේ.