Tuesday, May 7, 2024

General line - 0115112241

දකුණු කොරියාවේ ලැව් ගිනි තත්ත්වයක් : ගිනි මැඩලන්න දහස් ගණනක පිරිසක් යොදවයි (PHOTOS)

ප්‍රනීත් කරුණාරත්න / දිනුක් හේවාවිතාරණ




දකුණු කොරියාවේ හටගෙන තිබෙන ලැව් ගින්නක් හේතුවෙන් මේ වන විට එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ජනාධිපති මුන් ජේ-යින් කටයුතු කර තිබෙනවා. ඊයේ (05) හටගත් මෙම ලැව් ගිනි තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑමක් සිදුව ඇත්තේ එරට ගැන්ග්වුන් ප්‍රාන්තයට බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ගැන්ග්වුන් ප්‍රාන්තයෙන් හටගත් මෙම ලැව් ගින්න සුළගේ වේගයත් සමග මේ වන විට එරට නැගෙනහිර මුහුදු කළාපය දෙසට පැතිරෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ. මේ වන විට ඇතිවී තිබෙන හදිසි ගිනි තත්ත්වය මැඩපැවැත්වීමට ගිනි නිවීම් රථ 900ක් පමණ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව දකුණු කොරියානු හමුදා භට පිරිස් සහ ගිනි නිවීමේ හමුදාවේ දහසකට අධිකට පිරිසක්  මේ වන විට ලැව් ගිනි තත්ත්වය මැඩලීම සඳහා කැඳවා ඇති අතර දැනට මෙම ව්‍යවසනයෙන් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තවත් 35 දෙනෙක් තුවාල ලබා ඇති බව සඳහන්.

ගින්න හේතුවෙන් නිවාස, ගොඩනැගීලි සහ වාහන ඇතුළුව සිදුව ඇති දේපළ හානි විශාල බවයි විදෙස් මාධ්‍ය වාර්තා වන්නේ.