Tuesday, April 30, 2024

General line - 0115112241

කටුබැද්දේ ගින්න නිවන්න පැය 04ක මෙහෙයුමක් (PHOTOS)(UPDATE)

හේමන්ත කහවලගේ




මොරටුව කටුබැද්දේ පිහිටි රසායන ද්‍රව්‍ය ගබඩාවක් ඊයේ (06) රාති‍්‍රයේ ඇතිවූ ගින්නකින් විනාශ වී තිබෙනවා. 

රාතී‍්‍ර 09.15ට පමණ ඇතිවූ එම ගින්න නිවීම සඳහා පැය 04ක පමණ කාලයක් ගතවූ බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ඒ සඳහා මොරටුව නගර සභාවේ ගිනිනිවීම් රථ කිහිපයක් යොදා ගැනුණා. 

එහි ගබඩා කර තිබූ රසායන ද්‍රව්‍යයකින් ගින්න හට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ගින්නෙන් කිසිඳු ජීවිත හානියක් සිදුවී නොමැති අතර සිදුවූ අලාභය ද මෙතෙක් තක්සේරු කර නැහැ. 

මෙම ගබඩාව තුළ සිට්‍රික් ඇසිඩ්,  ඇසිටික් ඇසිඩ්, ක්රෝමික් ඇසිඩ්, ඇලුමිනියම් සල්ෆේඩ් සහ කෝස්ටික් සෝඩා ආදීය ගබඩා කර තිබූ බවයි වාර්තා වෙන්නේ.

-------------------------------

මොරටුව කටුබැද්ද ඇගළුම් කර්මාන්ත ශාලාවක ගින්නක් (PHOTOS)

(07-04-2019 00:32)

 

 

ප්‍රසිද්ධ ඇගළුම් කර්මාන්ත ශාලාවකට අයත් මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පිහිටි රසායනික ද්‍රව්‍ය ගබඩාවක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.

මේ වන විට ගින්න මැඩ පැවත්විමට මොරටුව නගර සභාවේ ගිනි නිවිම් ඒකකය කටයුතු කරමින් සිටිනවා. ගින්න ඇතිවිමට හේතුව මෙතෙක් අනාවරණයවි නැහැ.