Tuesday, April 30, 2024

General line - 0115112241

"ජනපති මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නෑ" - දයාසිරි

සජිත් තිලකරත්න




ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍යතාවක් තිබුණ ද, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් කිසිදූ ප‍්‍රකාශයක් සිදු කර නොමැති බව එහි මහලේකම් දයාසිරි ජයසේකර පවසනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට වෙන් වෙන්ව තරග කරන්නේ නම් එය එක්සත් ජාතික පක්ෂයට වාසි සහගත බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

කෙසේවෙතත් දෙපාර්ශ්වයම එක අපේක්ෂකයෙක් වෙනුවෙන් සූදානම් වන්නේ නම් දෙපාර්ශ්වයටම යම් පරිත්‍යාගයන් කිරීමට සිදුවන බවද සඳහන් කළා.