Monday, April 29, 2024

General line - 0115112241

බාල දක්ෂ ව්‍යාපාරය වෙනස්කම්වලට භාජනය විය යුතු බව ජනපති පවසයි




ප‍්‍රතිපත්ති හා මූලධර්මවලට හානියක් නොවන අයුරින් බාල දක්ෂ ව්‍යාපාරය කාලානුරූපව වෙනස්කම්වලට භාජනය විය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (06) පස්වරුවේ වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවැති 12වන ජාතික පෝතක බාලදක්ෂ කබෝරියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

මෙරට පාසල් දරුවන්ගෙන් බාලදක්ෂ ව්‍යාපාරය නියෝජනය කරන්නේ සීමිත පිරිසක් පමණක් බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ. 

වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේදී පැවැත්වෙන 12වන ජාතික පෝතක බාලදක්ෂ කබෝරිය සඳහා පෝතක බාලදක්ෂයින් 7,500ක් එක්ව සිටිනවා. ප‍්‍රථම වරට දකුණු ආසියානු රටවල පෝතක බාලදක්ෂ දරුවන් හා නායක නායිකාවන් 300ක් පමණ ද ඊට එක්ව සිටින බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.