Monday, April 29, 2024

General line - 0115112241

සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට වැසි

කසුන් කැළුම්/සජිත් තිලකරත්න




දිවයිනේ අභ්‍යන්තර ප‍්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්ත්වයක් අද (07) සවස් කලයේ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ දිනයේද මධ්‍යම කඳුකරයේ ඇතැම් ප‍්‍රදේශවලට වැසි ඇද හැලූණා.

අද පස්වරුවේ ද එම ප‍්‍රදේශවලට වැසි අපේක්ෂා කළ හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. කෙසේවෙතත එම වර්ෂාපතනය විදුලි බලාගාර ආශි‍්‍රත ජලාශවලට ප‍්‍රමාණවත් නොවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක නෙත් නිවුස් වෙත පැවසුවේ.

මේ අතර අද දහවල් 12.11ට නල්ලූරුව, බැල්ලපිටිය, බෝතලේ, කහවත්ත, කඳුරුගල්ල, කෝන්කැටිය, හබැස්ස සහ දොඹගහවෙල යන ප‍්‍රදේශවලට හිරු මුදුන් වන බව ද මෙහිදී කියා සිටියා.