Tuesday, April 30, 2024

General line - 0115112241

ජාතික අලුත් සහල් මංගල්‍යය අද




ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ අභියසදී අද (07) පෙරවරුවේ පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධනත්වයෙන්.

වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉඳුල් සහලෙන් ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ පිදීම මෙහිදී සිදුවනවා. රජ සමයේ සිට පැවත එන මෙම චාරිත‍්‍රය සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණෙන ගොවීන් රැසක් සහභාගී වීමට නියමිතයි.

රට ස්වයංපෝෂිත වී කෘෂිිකර්මාන්ත කටයුතු දියුුණු වී රටට ජාතියට සෙත් පැතීම අලූත් සහල් මංගල්‍යයෙන් අපේක්ෂා කෙරෙනවා. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ අනුශාසනා පරිදි අලූත් සහල් මංගල්‍යයේ කටයුතු සිදු කිරීමට නියමිතයි.

ජය ශ‍්‍රි මහා බෝධීන් වහන්සේගේ නැගෙනහිර පිවිසුම අසල ඉදිකරනු ලබන හෙළ බොජුන් හලට ද අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද මුල් ගල් තැබෙනවා. මේ අතර ජාතික අලූත් සහල් මංගල්‍යයට පෙර චාරිත‍්‍රානුකූලව සතර වාහල්කඩ කිරි උතුරවා සිදු කරන දේව කන්නලව්ව ද ඊයේ (06) අලූයම කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණා.