Tuesday, April 30, 2024

General line - 0115112241

උත්සව සමයේ ආහාර වැටලීම් තවදුරටත්




උත්සව සමයට සමගාමීව වෙළඳසැල් පරීක්ෂා කිරීමේ කටයුතු තවදුරටත් සිදු කරන බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මේ දක්වා දිවයින පුරා සිදු කළ වෙළඳසැල් පරික්ෂාවලදී ආහාර පනත යටතේ පුද්ගලයින් 2,821 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි එම සංගමය පැවසුවේ.

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් රස කැවිලි නිෂ්පාදනනය කළ ආයතන 21කට එහිදී මුද්‍රා තබා තිබෙනවා. මීට අමතර තවත් ආයතන 616කට එරෙහිව නිවේදන නිකුත් කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ.