Tuesday, April 30, 2024

General line - 0115112241

අද අලුයම තෙක් සිදුකළ වැටලීමකදී බීමත් රියදුරන් 534 දෙනෙකු අත්අඩංගුවට




ගතවු දින දෙකේදී මේ දක්වා කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම් වලින් බීමත් රියදුරන් 534දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ එම කාල සිමාවේදි රථවාහන නඩු 19774ක් ලබා ගත් බවයි.

ඊයේ (12) සවස 06 සිට අද (13) අලුයම 06 දක්වා සිදුකළ වැටලීමකින් බීමත් රියදුරන් 289ක් අත්අඩංගුවට ගැනුනා. එහිදී  රථ වාහන නඩු 9604ක්ද ලබා ගත් බවයි පොලිසිය පැවසුවේ.

උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් ආරම්භ කෙරුණේ ඉකුත් 11වනදා සිටයි. එම වැටලීම් අඛණ්ඩව සිදු කරන බවයි පොලීසිය පැවසුවේ.