Tuesday, April 30, 2024

General line - 0115112241

අනාගතයේදී අවුරුද්දට කොහා නැතිවීමේ අවදානමක් ගැන අනාවරණයක්

තරංග රුක්ෂාන් ජයසේකර




පරිසර විනාශය නතර නොකළ හොත් ඉදිරියේදී සෑබෑ ලෙස සැමරීමට අවුරුද්දක් අහිමිවනු ඇතැයි නිර්මාණ අධ්‍යක්‍ෂ ප්‍රගීත් මානියංගම පවසනවා. ඔහු කියා සිටියේ මීට පෙර අලුත් අවුරුදු සැමරීමේදී මෙන් නොව මෙවර අලුත් අවුරුද්දේදී පරිසරය ආරක්ෂා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

සාම්ප්‍රදානුකූලව අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවසේ පහන් පැළක් සිටුවීමේ චාරිත්‍රය අද සිදු කෙරෙනවා. නැකැත් චාරිත්‍රවලට අනුව පරණ අවුරුද්ද සඳහා ස්නානය යෙදී තිබෙන්නේද අද දිනටයි.