Tuesday, April 30, 2024

General line - 0115112241

ගතවු පැය 24 වැඩිම වර්ෂාපතනය රත්මලානට




අද (13) පස්වරු 01න් අවසන් වූ ගත වූ පැය 24 දී දිවයිනේ වැඩිම වර්ෂාපතනය රත්මලාන ප්‍රදේශයෙන් වාර්තා වනවා. එහි අගය මිලි මීටර් 39.4ක් ලෙස සටහන් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මේ අතර වව්නියාව සහ කුරුණැගල දිස්ත්‍රීක්කවල දහවල් කාලයේ පවතින උෂ්ණත්වය සේල්සියස් අංශක 04කින් ඉහලගොස් ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. යාපනය, අනුරාධපුරය, හම්බන්තොට සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වයද සාමන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 03කින් ඉහල ගොස් තිබෙනවා. කොළඹ, කටුනායක සහ මන්නනාරම යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වයද සමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 02කින් ඉහල ගොස් ඇති බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.