Tuesday, April 30, 2024

General line - 0115112241

අවුරුදු සමරන්න උතුරට දුම්රියෙන් යන පිරිසත් ඉහළට

රවීන්ද්‍ර චන්ද්‍රලාල් / ටී කේ මහින්ද / රංජිත් රාජපක්ෂ / හේරත් එකනායක / මාධව කුලසුරිය




සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා රටපුරා ජනතාව මේ වන විට සුදානම් වෙමින් සිටිනවා. නිවෙස්වලින් බැහැරව වෙනත් ප්‍රදේශ වල රැකියාවල නිරත බොහෝ දෙනා මේ වන විටත් සිය ගම් බිම් බලා පැමින සිටින බවයි නෙත් නිව්ස් වාර්තාකරුවන් පැවසුවේ.

උදාවන අලුත් අවුරුද්ද පිලිගැනිම සඳහා ආහාර පාන මෙන්ම අත්‍යඅවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු බඩු බාහිර ආදිය මිලදී ගැනීමට බොහෝ දෙනා උනන්දුවෙන් පසුවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. එවැනි දෑ මිලදී ගැනීමට ගාල්ල නගරයටද බොහෝ පිරිසක් පැමිණි බවයි නෙත් නිව්සු වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ. 

අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මාතර ජනතාවගේ සුදානම පිළිබදව සොයා බැලූවා නෙත් නිව්ස් වාර්තාකරු ටී කේ මහින්ද.

මෙවර අලුත් අවුරුද්ද පිළිගැනීම සදහා වතුකරයේ  ජනතාවගේ ද ඇත්තේ ඉහල උන්නදුවක්. ඒ පිළිබද සොයා බැලු නෙත් නිව්ස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ.

මේ මහනුවර ප්‍රදේශයේ තත්වය පිළිබද වාර්තාවක් ගෙන එන නෙත් නිව්ස් වාර්තාකරු හේරත් ඒකකනායක.

මෙවර අලුත් අවුරුද්ද සැමරීමට උතුරේ ජනතාවගේද ඇත්තේ ඉහල උනන්දුවක්. දුර බැහැර ප්‍රදේශ වල රැකියාවල නිරත බොහෝ දෙනෙකු දුම්රිය මගින් උතුරේ සිය ගම් බිම් වෙත පැමිනෙන බවයි නෙත් නිව්ස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.