Tuesday, April 30, 2024

General line - 0115112241

අලුත් අවුරුද්ද පිලිගන්න රටම සැරසෙයි

කසුන් කැලුම්




හෙට (14) පස්වරු 02.09ට සිංහල හා දෙමළ අවුරුද්ද උදාවනවා. පුණ්‍ය කාලය යෙදී ඇත්තේ හෙට පෙරවරු 07.45 සිට රාත්‍රී 08.33 දක්වායි. හෙට පෙරවරු 07.45 ට පෙර ආහාර පාන ගෙන සියළු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද, පුණ්‍ය කාලයේ අපර කොටස වන, එනම් හෙට පස්වරු 02.09 සිට රාත්‍රී 08.33 දක්වා කාලයේදී ආහාර පිසීම වැඩ ඇල්ලීම ගනු දෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් යෙදී තිබෙනවා.

ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ හෙට පස්වරු 02.42ටයි. ආහාර අනුභවය, ගණුදෙනු කිරීම හා වැඩ ඇල්ලීමේ නැකත හෙට පස්වරු 03.54ට යෙදී තිබෙනවා. මෙවරද සියළු නැකත් චාරිත්‍ර නිවැරදිම වෙලාවට ඉටු කිරීමට නෙත් එෆ් එම් රේඩියෝව සුදානම්.

සියළු නැකත් චාරිත්‍ර මෙවර නෙත් එෆ් එම් රේඩියෝව ගෙන එන්නේ මහනුවර එෛතිහාසික දොඩම්වළ ශ්‍රී නාථ දේවාල භූමි පරිශ්‍රයේ සිටයි. මේ එහි සුදානම පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් විශේෂ නියෝජිත තාරක මඩවිටවිතානගේ,