Monday, April 29, 2024

General line - 0115112241

ගිණි කෙලි භාවිතය ගැන යලිත් සිහි කැඳවීමක්

කසුන් කැලුම්




උත්සව සමයේ අනතුරු වැඩි වශයෙන් සිදුවන බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්වන්නයි නැවත ඉල්ලීමක් කෙරෙනවා. ගිනි කෙලි භාවිතයෙදී අවධානය යොමු කළ යුතු කරුණූ කිහිපයක් පිළිබදව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙලෙස පැහැදිලි කළා. 

උත්සව සමයේදී අනතුරුදායක තත්ත්වයන් ඉහළ යාමේ අවධානමක් තිබෙනවා. ඒ අතරින් මාර්ග, නිවසේදී අනතුරු, හිංසන අනතුරු සහ ගිනිකෙළි අනතුරු මේ මාසය පුරාම දකින්න පුළුවන්. මගියා මෙන්ම රියදුරා හරි ආකාරයෙන් නිතිය පිළිපදිනවානම් අනතුරු අවම කර ගන්න පුළුවන්. ඒ වගේම ගිනිකෙළි අතේ තියන් පත්තු කරන්න යාමෙන් වළකින්න. එයින් ගිනිකෙළි අනතුරු අවම කර ගන්න පුළුවන්. ක්‍රීඩා කටයුතු වල යෙදිමේදීත් සැලකිල්ලෙන් පසුවන්න. මත්පැන් පානය අවම කරන්න. ඒ හරහා හිංසන අනතුරු අවම කර ගත හැකි බවයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා ප්‍රකාශ කර සිටියේ.