Monday, April 29, 2024

General line - 0115112241

ජර්මනියේ දී එල් ටී ටී ඊ සමාජිකයෙකුට එරෙහිව යුධ අපරාධ නඩුවක් පවරයි




මෙරට හමුදා සෙබලුන් 15 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධීයකට එල් ටී ටී ඊ සාමාජිකයෙකුට එරෙහිව ජර්මනියේදී යුද අපරාධ නඩුවක් පවරා තිබෙනවා. මෙම නඩුව පවරා ඇත්තේ 37 හැවිරිදි සිවතීබන් නමැත්තෙකුට එරෙහිවයි.  විශ්වමය අධිකරණ බලය යටතේ ඔහුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.    

2008 වසරේදී එල් ටී ටී ඊ සංවිධානය භාරයට ගැනුනු හමුදා සාජිකයින් 15 දෙනෙකු මෙම පුද්ගලයා විසින් ඝාතනය කර ඇති බවටයි චෝදනා ගොනු කර ඇත්තේ. ඉකුත් දා පැවති ජගත් මානව හිමිකම් කවුන්සිලයේද යුද අපරාධ සිදු කළ පුද්ගලයන්ට එරෙහිව විශ්වමය අධිකරණ බලය යටතේ හැකි අවස්ථාවන්වලදී නඩු පවරන ලෙසද ඉල්ලීමක් කර තිබුණා.