Thursday, May 2, 2024

General line - 0115112241

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යළි අක්‍රිය වෙයි

දිනුක් හේවාවිතාරණ




සුප්‍රකට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි මේ වන විට අක්‍රියවී ඇති බවට වාර්තා වනවා. මෙම තත්ත්වය ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට සහ යුරෝපයේ රටවල් ගණනාවකට මුහුණ දිමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. 

මිට සති කිහිපයකට පෙරද මේ ආකාරයෙන් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල අක්‍රිය වූ අතර එයට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක් සිදු කිරීමට ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් අපොහොසත් විය.

දිගින් දිගටම ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ ඇතිවී තිබෙන මෙම අර්බුධකාරී තත්ත්වය සහ පරිශිලිකයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයේ ඇතිවී තිබෙන ගැටළු හේතුවෙන් අමෙරිකාවේ පමණක් මිලියන 15ක ෆේස්බුක් පරිශීලිකයින් ඉන් ඉවත්ව ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය ඉකුත් දා වාර්තා කර සිටියා.

මේ අතර වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලයේද ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වනවා.