Thursday, May 2, 2024

General line - 0115112241

රටපුරා ජනතාව උත්සව ශ්‍රීයෙන් අලුත් අවුරුදු සමරති

හර්ෂිකා සංජීවනී




රටපුරා ජනතාව මේ වනවිට මහත් හරසරින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරමින් සිටිනවා. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවුණේ අපරභාග 02.09ටයි. අහාර පිසීමේ නැකත අපරභාග 02.42ට යෙදී් තිබුණා. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා අහාර අනුභවය යෙදී තිබුණේ අපරභාග 03.54ටයි. රට පුරා ජනතාව මෙම නැකත් චාරිත්‍රවලට මුල් තැනක් ලබා දෙමින් කටයුතු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

අලුත් අවුරුදු චාරිත්‍ර මෙවරද නිවැරිදි වේලාවටම ඉටු කිරීමට නෙත් එෆ් එම් රේඩියෝවද කටයුතු කළා. ඒ, මහනුවර ඓතිහාසික දොඩම්වල ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේ සිටයි. මේ, ඒ පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් විශේෂ නියෝජිත තාරක මඩවිටවිතානගේ.