Thursday, May 2, 2024

General line - 0115112241

අලුත් අවුරුද්දට අමෙරිකාවෙනුත් සුබ පැතුම්




ශ්‍රී ලංකාව සමග ශක්තිමත් සබදතාවක් ගොඩනගා ගනිමින් ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අමෙරිකාව පවසනවා. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා මෝර්ගන් ඔටගස් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර පුළුල් සබදතා මත ශක්තිමත්ව ඉදිරියට යාමට කටයුතු කරන බවයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබෙනවා. අලුත් අවුරුද්දට අමෙරිකානු රජයේ සහ අමෙරිකානු ජනතාවගේ සුබාෂිංශන ශ්‍රී ලාංකික ජනතාවට පිරිනමන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. 

ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරගනිමින් ඉදිරි වසර තුළ දකුණු ආසියානු කලාපීය අභියෝග ජයගැනීම සදහා සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එහි වැඩිදුරටත් සඳහන්.