Tuesday, May 7, 2024

General line - 0115112241

2019 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

ප්‍රනීත් කරුණාරත්න




2019 ලෝක කුසලානය තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කොට තිබෙනවා.මෙම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්නට වන අතර උප නායකයෙකු නම් කොට නැහැ.

එමෙන්ම අත්දැකීම් සපිරි ක්‍රීඩකයන් වන උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, අකිල ධනංජය යන ක්‍රීඩකයන්ට මෙම කණ්ඩායමේ ස්ථානය හිමි නොවීම විශේෂත්වයක්.

ලෝක කුසලානයට යන එම කණ්ඩායම මෙසේය.

දිමුත් කරුණාරත්න (නායක)
අවිශ්ක ප්‍රනාන්දු
ළහිරු තිරිමාන්න
කුසල් පෙරේරා
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
ජෙෆ්රි වැන්ඩසේ
තිසර පෙරේරා
ඉසුරු උදාන
ලසිත් මාලිංග
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
ජීවන් මෙන්ඩිස්
මිලින්ද සිරිවර්ධන