Thursday, May 16, 2024

General line - 0115112241

එළවළු තොග මිළ අඩුවෙද්දී සිල්ලර මිළ ඉහළ යාමට හේතුව හෙළිවේ

සජිත් තිලකරත්න




ඉදිරි සති කිහිපයේදීද වෙළද පොළේ එළවළු මිළ අඩු අගයක පවතිනු ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ ආයතනය පවසනවා. 

මේ, එහි අළෙවි ආහාර ප‍්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ප‍්‍රධානි දුමින්ද පි‍්‍රයදර්ශන.

එළවළු තොග මිළ අඩු අගයක පැවතියද සිල්ලර වෙළද පොලේ එළවළු මිළ මේ දිනවල ඉහළ ගොස් තිබෙනවා. ඒ පිළිබද කළ විමසීමකදී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ ආයතනය පැවසුවේ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ලැබුණු නිවාඩුවෙන් පසු වෙළද පොළ සැපයුම් යාන්ත‍්‍රණය තවමත් සම්පූර්ණයෙන් සකී‍්‍රය වී නොමැති බවයි. 

එළවළු සිල්ලර මිල ඉහළ ගොස් ඇත්තේ ඒ නිසා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ලබන ඉරිදායින් පසු මෙම තත්ත්වය වෙනස් වනු ඇති බවයි දුමින්ද පි‍්‍රයදර්ශන වැඩිදුරටත් පැවසුවේ.