Thursday, May 16, 2024

General line - 0115112241

ගර්භණී කාන්තාවකට බලහත්කාරකමක් කරන්න ගිහින්

මාධව කුලසූරිය




දහනව හැවිරිදි ගර්භණී කාන්තාවක් මාර්ගයේ ගමන් කරමින් සිටියදී ආදාළ කාන්තාව බලහත්කාරයෙන් කැළෑවක් තුළට ඇඳගෙන ගොස් අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් වාර්තා වුණා.

අප වාර්තාකරු සඳහන් කළේ යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේ දී ඊයේ (20) සිදුව ඇති මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු වයස අවුරුදු 55ක් වන පුද්ගලයෙකු බව ප්‍රදේශවාසීන් සඳහන් කරන බවයි.

අනතුරුව ගර්භණී කාන්තාව අදාළ පුද්ගලයාගෙන් මීදි පළාවිත් ප්‍රදේශවාසීන් වෙත සිද්ධිය පවසා තිබෙනවා.

පසුගිය සමයේ දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් වු විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කරනු ලැබුවේද යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේදීයි.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් යාපනය කයිට්ස් පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පැවසූවේ එවැනි සිදුවීමක් තවමත් පොලිසිය වෙත වාර්තා වී නොමැති බවයි.