Thursday, May 16, 2024

General line - 0115112241

සහරාන් හෂිම්ගේ මස්සිනාට අයත් සුපිරි වෑන් රිය හමුදාව විසින් සොයා ගනියි

දිනුක් හේවාවිතාරණ




කල්මුණේ නින්දවුර් ප්‍රදේශයේ තිබි ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සහරාන් හෂිම් නැමැත්තාගේ මස්සිනාට අයත් නවීන පන්නයේ වෑන් රථයක් සොයා ගැනිමට යුධ හමුදා භට පිරිස් සමත්ව තිබෙනවා.

යුධ හමුදාව පවසන්නේ මෙම වෑන් රථය එක් වර මුදල් ගෙවා මිලට ගෙන පසුගිය අප්‍රේල් මස 19 වෙනිදා කල්මුණේ ප්‍රදේශයට රැගෙනවිත් ඇති බවයි. එම වෑන් රථය මේ වන තෙක් ලියාපදිංචි කර නොමැති බවටද තොරතුරු හෙළිවි තිබෙනවා.

මේ අතර එම වෑන් රථයේ තිබි ජාතික හැදුනුම්පත් දෙකක්ද සොයා ගැනිමට යුධ හමුදාව සමත්ව ඇත.

පසුගිය අප්‍රේල් මස 21 වෙනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ ප්‍රධානියා වන සහරාන් හෂිම් බවට තහවුරු වි ඇත.