Thursday, May 16, 2024

General line - 0115112241

තියුණු ආයුධ කිහිපයක් සමග මීගමුව උප නගරාධිපති අත්අඩංගුවට




තියුණු ආයුධ කිහිපයක් සහ ජංගම දුරකතන බැටරි තොගයක් ලග තබා ගෙන සිටි මීගමුව නියෝජ්‍ය නගරාධිපති මොහොමඞ් අන්සාර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී ජංගම දුරකතන බැටරි 38ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. 

මේ අතර මීගමුව තෙල්වත්ත හංදිය ප්‍රදේශයේ පාවුළු පාප් මාවතේ පිහිටි හිස් ඉඩමක තිබී ගිනිඅවියක් සහ උණ්ඩ තොගයක් සොයා ගෙන තිබෙනවා. අදාළ ඉඩමේ හිමිකරු විසින් පිරිසිදු කිරීම් සිදු කරන අවස්ථාවකදී සැකකටයුතු පොහොර උරයක් තුළ තිබී මෙම ගිනිඅවිය සහ උණ්ඩ තොගය සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. එම පොහොර උරයේ තිබී මැගසින් 02ක්, ටී 56 උණ්ඩ 30ක් සහ ජීව උණ්ඩ 130ක් සොයා ගැනුණා. 

මීගමුව කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය විසින් මෙහි විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.