Thursday, May 16, 2024

General line - 0115112241

ආණ්ඩුව ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා ගෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ - ඇමති රවී කියයි




අන්තවාදී ත්‍රස්තක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා. වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් මෙම අවස්ථාවේදී නිසි ප්‍රයෝජනයක් නොගන්නා බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

" මේ අවස්ථාවේදී ඇඟිලි දිගු කරන්නේ නැතුව සියලු දෙනා එකතු වෙලා සිදුවුනේ කුමක්ද කියලා බලලා තරාතිරම නොබලා කටයුතු කරන්න ඕනේ. අද වෙන කොට නාගරික මන්ත්‍රිවරයෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. ජාති, පක්ෂ, පාට භේද බලන්නේ නැතුව ආරක්ෂක අංශ වලට තමන්ගේ රාජකාරිය සිදුකිරීමට ඉඩ දෙන්න ඕනේ. ආරක්ෂක මණ්ඩලයට ජනාධිපතිතුමා අගමැතිතුමා විතරක් නෙමෙයි විපක්ෂ නායකතුමාවත් සහභාගී කරව ගන්න ඕනේ. ඒ වගේම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වගේ යුද්ධයක් ඉවරකරපු දක්ෂයෙක් ගෙන් වැඩක් ගන්න ඕනේ. අද වෙලා තියෙන්නේ දක්ෂයින්ට තැන නැහැ නුසුදුසු අයටයි තැන දීලා තියෙන්නේ", ඇමතිවරයා කියා සිටියා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක.