Tuesday, April 30, 2024

General line - 0115112241

එජාප මන්ත්‍රිවරු පිරිසක් අත්සන් කළ ලිපියක් ජනපතිට

හේමන්ත කහවලගේ




පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යධූරය ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

සරත් ෆොන්සේකාට එම අමාත්‍යධූරය ලබා දෙන්නැයි ඉල්ලා සකස් කළ ලිපියකට එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකු ද අත්සන් තබා තිබෙනවා. 

මහාචාර්ය ආශු මාරසිංහ, එස්. එම්. මරික්කාර්, සන්දීප් සමරසිංහ, සුජිත් සංජය පෙරේරා යන මන්තී‍්‍රවරුන් අදාළ ලිපියට අත්සන් කර තිබෙනවා. ඔවුන් අදාළ ලිපියෙන් ඉල්ලා ඇත්තේ නීතිය හා සාමය විෂය සඳහා විශේෂඥ දැනුම ඇති පුද්ගලයෙකු එම අමාත්‍යධූරයට පත් කළ යුතු බවයි.

දැනට ආණ්ඩු පක්ෂයේ සිටින ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂඥ දැනුම සහ අත්දැකීම් ඇති එකම මන්තී‍්‍රවරයා පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා බවද, එම මන්තී‍්‍රවරුන් අත්සන් කළ අදාළ ලිපියේ දක්වා තිබෙනවා.